රතනහිමි උපවාසය අවසන්කරයි
Related Articles
පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ සිය උපවාසය අවසන්කර තිබෙනවා. සිය ඉල්ලීම් ඉටුවීම හේතුවෙන් උපවාසය අත්හරින බවයි උන්වහන්සේ ප්‍රකාශකර ඇත්තේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා , බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය සිය ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් රතන ස්වාමීන් වහන්සේ උපවාසයක් ආරම්භ කළේ මීට දින 4 කට පෙරයි. හිස්බුල්ලා මහතා සහ අසාද් සාලි මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිතුමා වෙත අද භාරදී තිබෙනවා. ඔවුන්ගේ ඉල්ලා අස්වීම භාරගත් බව ජනාධිපතිතුමා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටියා. මෙම තත්ත්වය මත සිය උපවාසය අත් හැරීමට රතන හිමියන් තීරණයකර තිබෙනවා.