ඇමෙරිකාවේ වැඩබලන ආරක්ෂක ලේකම් සහ දකුණු කොරියා ආරක්ෂක අමාත්‍යවරයා අතර සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ඇමෙරිකාවේ වැඩබලන ආරක්ෂක ලේකම් පැට්රික් ෂැනහන් දකුණු කොරියාවේ සියෝල් අගනුවරට පැමිණයා. ඔහු මේ වන විට දකුණු කොරියා ආරක්ෂක අමාත්‍ය ජියොන් කියොන් ඩු සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එහිදී උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිලිවෙල සහ කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය ඇතුළු ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි වාර්තා වන්නේ. උතුරු කොරියාව සිදු කරන රොකට් සහ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.