පිවිතුරු හෙළ උරුමයේ උප නායක මදුමාධව අරවින්ද මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 13 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇති වූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටයි පෙත්සමෙන් ඉල්ලා තිබුණේ.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි පෙත්සම විභාගයට ගැණුනේ. එහිදී වගඋත්තරකරුවන් කිහිප දෙනෙකුට නොතීසි ලැබී නොමැති බව අනාවරණය වුණා. ඒ අනුව ඔවුන්ට යළි නොතීසි භාරදෙන ලෙසට පෙත්සම්කාර පාර්ශ්වයට අධිකරණය උපදෙස් ලබාදුන්නා. මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා , බස්නාහිර උතුර ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා , වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.