එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශි සභා මන්ත්‍රීවරියක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු මහියංගන ඔරලෝසු කණුවට නැග විරෝධතාවක් ආරම්භ කළා. ඒ ඇතැම් මහවැලි නිලධාරීන් ජනතාවට කන් නොදෙන බව පවසමින්. මහවැලි නිලධාරීන් පැමිණ සතියක් ඇතුළත විසදුම් ලබාදෙන බව පැවසීමත් සමඟ උපවාසය අවසන් කෙරුණා.
මහියංගන නගරයේ ඔරලෝසු කණුවට නැග විරෝධතාවක් ආරම්භ කළේ මහියංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක්. ඒ මහවැලි සී කලාපයේ රත්කිද ගම්මානයේ පවුල් 47 ක් ඉවත් කිරීමට විරෝධය පළකරමින්. තවත් ගම්මාන කිහිපයකට විදුලිය ලබාගැනීමේ දී ගැටලු පවතින බවට ද ඔවුන් චෝදනා කළා. මහියංගනය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද මන්ත්‍රීවරියන්ට සහාය පළකිරීම සදහා එක්වුණා.
මෙම ස්ථානයට පැමිණි මහවැලි සී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර කේ ඒ සී විමල් කුමාර මහතා සතියක් ඇතුළත විසදුම් ලබාදෙන බව ප්‍රකාශ කළා. ඔහුගේ ලිඛිත පොරොන්දුව මත අදාළ මන්ත්‍රීවරියන් ඔරලෝසු කණුවෙන් බැස සිය උපවාසය අවසන් කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=wgTcV9GHij4&feature=youtu.be&fbclid=IwAR0yxzmthXD-ghKfoHaSbhHHAvogIMuIOfANTW7QW-8qwA6y085hspe0lgc”]