fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගල්කිස්ස වෙරළ තීරයේ පිරිසිදු කිරිම් අද සිට

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 11:53

ගල්කිස්ස වෙරළ තීරයේ පිරිසිදු කිරිම් අද සිට

තෙල් තට්ටුවක් හේතුවෙන් අපවිත‍්‍ර වී තිබූ දෙහිවල, ගල්කිස්ස සහ වැල්ලවත්ත වෙරළ තීර පිරිසිදු කිරිමේ කටයුතු යළි සිදුකෙරෙනවා.

ප‍්‍රදේශයට ඇදහැළුනු වර්ෂාවත් සමඟ ඊයේ සිදුකළ පිරිසිදු කිරිමේ කටයුතු තාවකාලිකව නතර කිරිමට සිදුවුණා. වෙරළ තීරයට මෙලෙස තෙල් එක්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ප‍්‍රකාශ කළේ. නෞකාවකින් සිදුවූ තෙල් කාන්දුවීමක් මෙයට හේතු වන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ඒ පිළිබඳ සොයා බැලීමට වෙරළ ආරක්ෂක බළකායට අයත් නෞකා කිහිපයක් ද යොදවා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 11:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්