fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොසොන් උත්සවය සාර්ථකව සැමරීමට සියලු විධිවිධාන සලසන්නැයි අගමැතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 09:05

පොසොන් උත්සවය සාර්ථකව සැමරීමට සියලු විධිවිධාන සලසන්නැයි අගමැතිගෙන් උපදෙස්

පොසොන් උත්සවය මෙවර උත්කර්ශවත් අයුරින් සැමරීමට බුද්ධශාසන කටයුතු අමාත්‍යාංශයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී  තිබෙනවා.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන ආරක්ෂක අංශ එක්ව මෙවර පොසොන් උත්සවය උත්කර්ශවත් අයුරින් සැමරීමට අවශ්‍ය කටයුතු සංවිධාන කරන ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ.

දාන, ශීල, භාවනා සැරසිලි ඇතුළු සියලු පොසොන් සැමරුම් අංගවලට අවශ්‍ය ආරක්ෂාව රට තුළ තහවුරු වී තිබෙනවා.

මේ අතර සෑම ප‍්‍රදේශයකම පොසොන් උත්සව කටයුතු සාර්ථක කර ගැනීමට දායකත්වය මෙන්ම සංවිධාන ශක්තිය යොදන ලෙසයි අග‍්‍රාමාත්‍යවරයා ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රිවරුන්ට දැනුම් දුන්නේ. තම ප‍්‍රදේශවල පොසොන් උත්සව කටයුතු සංවිධාන කිරීමට දායක වන ලෙස අග්‍රමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ට ද උපදෙස් ලබාදී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2019 09:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්