පාදුක්ක රජයේ රෝහලේ කාන්තා වාට්ටු සංකීර්ණයේ සිවිලිම දැඩි අබලන් තත්ත්වයට පත්ව ඇති ආකාරය දැකගත හැකියි.
එය මේ වන තෙක් පිළිසකර කර නැති අතර මුක්කු ගසා තිබෙන්නේ රෝගීන්ගේ ජීවිත ද අවදානමකට ගෙන යමින්. කාන්තා වාට්ටු සංකීර්ණයේ සිවිලිම දැඩි ලෙස අබලන් තත්ත්වයට පත්ව ඇති බව අවස්ථා කිහිපයකදී බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. එහෙත් මේ වන තෙක් එය පිළිසකර කර නැති අතර එම වාට්ටු සංකීර්ණයේ රෝගීන් තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබනවා. එහෙත් එහි සිවිලිමෙහි පවතින අබලන් තත්ත්වය හේතුවෙන් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා. බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙම රෝහලෙන් විශාල පිරිසක් දෛනිකව ප්‍රතිකාර ලබනවා. සිවිලිම කඩා වැටී තවත් ජීවිත කිහිපයක් බිලිගැනීමට පෙර මීට විසදුම් ලබා දීම බලධාරීන්ගේ වගකීමක්.