fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගල්කිස්සෙන් තෙල් මතුවෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 14:27

ගල්කිස්සෙන් තෙල් මතුවෙයි

දෙහිවල සිට ගල්කිස්ස දක්වා වූ වෙරළ තීරයේ රැඳී ඇති තෙල් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. නෞකාවකින් තෙල් කාන්දුවීමක් හේතුවෙන් මෙලෙස මෙම මුහුදුතීරයට තෙල් එකතුවීම සිදුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

ගල්කිස්ස සිට වැල්ලවත්ත වෙරළ තීරයේ මුහුදු ජලය මතු පිට කළු පැහැති තෙල් කට්ටුවක් දැක ගත හැකියි. කිසියම් නෞකාවක් මගින් ඉන්ධන කාන්දුවක් සිදුවීම හේතුවෙන් මෙම තත්තවය හට ගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ. මේ පිළිබඳ සොයා බැලීමට වෙරළආරක්ෂක බලකායට අයත් නෞකා කිහිපයක් යොදා ඇති බව සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය පවසනවා. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාද එම ප්‍රදේශයට ගොස් මෙම තත්ත්වය පිළිබඳ සොයා බැලුවා. මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2019 14:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්