පළාත්සභා නවය තුළම කුණු මගින් පොහොර නිෂ්පාදනය කරන ස්ථාන ස්ථාපනය කිරිම මේ වන විටත් ආරම්භ කර ඇති බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. රන්ගිරි පිවිතුරු අරණ කසල ප්රතිචක්රිකරණ මධ්‍යස්ථානයේ පළමු අදියර විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
මාතලේ දිස්ත්‍රික්කය පළාත් පාලන ආයතනවල දිනපතා එකතුවන කුණුකසල වලින් පොහොර නිපදවීමේ මධ්‍යස්ථානය දඹුල්ල මහනගර සභාවේ කසල අංගනයේදී විවෘත කෙරුණා. ජපන් රජයේ ආධාර යටතේ ජපන් කවෂිමා ආයතනය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මිලියන තුන්සියකට අධික මුදලක් වැය කරමින් ඉදි කරන ලද අංගනයේ කුණු කසල මගින් කොම්පොස්ට් නිපදවීම ඊයේ සවස ආරම්භ කෙරුණා. මෙමගින් දිනකට කසල ටොන් පනහක් ප්රතිචක්රීයකරණය කළ හැකි අතර දඹුල්ල / හබරන / නාවුල/ ගලේවෙල / කැකිරාව/ මාතලේ යන පළාත් පාලන ආයතනවල කුණු කසල මෙම ස්ථානයේ කොම්පොස්ට් බවට පත් කිරිමට නියමිතයි. මෙම අවස්ථාවට එක් වු ජපන් තානාපති අකිරා සුගියාමා මහතා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය මගින් ඉහළ තාක්ෂණය ඔස්සේ කුණු ප්රතිචක්රීයකරණය කිරිමට හැකි වන බවයි. මෙම අවස්ථාවට නියොජ්‍ය අමාත්‍ය ජේසි අලවතුවල / උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් සහභාගි වුනා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=MGOIWilIvXk&feature=youtu.be”]