බස්නාහිර පළාත් අන්තර් දිස්ත්රික් කැරම් තරගාවලියේ තුන්වන අදියරේ තරග කැරම් සංගම් මුලසථානයේදී
Related Articles
45වන ජාතික මහා ක්රීඩා උළෙලට සමගාමිව පැවැත්වෙන බස්නාහිර පළාත් අන්තර් දිස්ත්රික් කැරම් තරගාවලියේ තුන්වන අදියරේ තරග ශ්රී ලංකා කැරම් සංගම් මුලසථානයේදී පැවැත්වුණා.
බස්නාහිර පළාත් අන්තර් දිස්ත්රික් කැරම් තරගාවලිය සදහා ක්රීඩක ක්රිඩිකාවන් 175දෙනෙකු තරග වැදුනා. පසුගිය වසරේ දකුණු කොරියාවේ පැවති ලෝක කැරම් ශුරතාවය දිනා ගත් ක්රීඩක ක්රිඩිකාවන් රැසක් ද මෙම තරගාවලියට එක්ව සිටියා. පිරිමි අංශයේ අවසන් මහා තරගය පැවැත්වුණේ ෂාහිඩ් හිල්මි සහ නිශාන්ත ප්රනාන්දු අතරයි.
එහිදි ලකුණු 25ට 29ක් සහ 25ට13ක් ලෙස ජයහිමි කරගැනිමට නිෂාන්ත ප්රනාන්දු සමත් වුණා. දෙටුනි නොමායා සහ ජෝෂප් රොෂීඩා අතර කාන්තා අංශයේ අවසන් තරගය පැවැත්වුනා. එහිදි ලකුණු 25ට 05ක් සහ 25ට 06ක් ලෙස ජයග්රහණය වාර්තා කළේ ජෝෂප් රෝෂිඩායි.