31 වන ජාතික යෞවන ක්රීඩා උළලේ ජාතික මට්ටමේ කණ්ඩායම් තරග ඇරඹෙයි
Related Articles
31 වන ජාතික යෞවන ක්රීඩා උළලේ ජාතික මට්ටමේ කණ්ඩායම් තරග මහරගම තරුණ සේවා සභා ක්රීඩාංගනයේදී මේ වන විට පැවැත්වෙනවා.
ප්රාදේශීය සහ දිස්ත්රික් මට්ටමින් පැවැති තරගවලින් තේරිපත් වූ ක්රීඩක ක්රිඩිකාවන් මෙහිදී තරගවදිනවා. එහි පළමු ජතික මට්ටමේ කණ්ඩායම් තරගයක් ලෙස වොලිබෝල් කාන්තා සහ පිරිමි තරගය පැවැත්වුණා. මේ සඳහා උතුරු, නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු දිස්ත්රික් නියෝජනය කරමින් කාන්තා හා පිරිමි කණ්ඩායම් 46ක් තරග වැදිමට නියමිතයි.
වොලිබෝල්, බාස්කට් බොල්, කබඩි, පාපන්දු සහ ක්රිකට් ඇතුළු කණ්ඩායම් තරග 21 ක් ජාතික යෞවන ක්රීඩා උළලේ තරග ලෙස පැවැත්වෙනවා. 31 ජාතික යෞවන ක්රීඩා උළෙල සැප්තැම්බර් 26 වනදා සිට 29 වනදා දක්වා කොළඹ සුගතදාස ක්රීඩාපිටියේදී පැවැත්විමටයි කටයුතු කර ඇත්තේ.