ඇමරිකාව සමඟ යළි න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කිරීම පිළිබඳ ඉරාන ජනාධිපති හසන් රවුහානි අදහස් පළකර තිබෙනවා.
ඇමරිකාව සාකච්ඡා සඳහා නිසි ගෞරවයකින් යුතුව සහභාගී වන්නේ නම් ඒ සඳහා සූදානම් බවයි ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එභෙත් ඉරානය සහ ඇමරිකාව අතර සම්බන්ධතා තවදුරටත් අවිනිශ්චිත බව ද ඔහු සඳහන් කර තිබෙනවා. ඉරානය සමඟ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීමත් සමඟ ඔවුන්ට එරෙහි සම්බාධක පැනවීමට ඇමරිකාව තීරණය කළා. ඉරානයෙන් තෙල් ආනයනය නතර කිරීමට අනෙකුත් රට වලට ද බලපෑම් කිරීමටයි ඇමරිකා ජනාධිපතිවරයා පියවර ගත්තේ.
2015 වසරේ එළඹි න්‍යෂ්ටික ගිවිසුම ප්‍රමාණවත් නොමැති බවයි ජනාධිපති ට්‍රම්ප්ගේ අදහස. ඉරානයට අවශ්‍ය නම් නම්‍යශීලීව ශක්තිමත් ඉදිරි ගමනක් යාමට හැකියාව පවතින බව ද ඔහු පෙන්වා දෙනවා. ඉරානය තුළ පාලන තන්ත්රයේ වෙනසක් ඇමරිකාව අපේක්ෂා නොකරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා. ජාත්‍යන්තර නීතිරීති අනුගමනය කරමින් ඇමරිකාව ගෞරවාන්විත ප්රවේශයකට එළඹෙන්නේ නම් පමණක් සාකච්ඡා සඳහා සහභාගී වන බවයි ඉරානය අවධාරණය කරන්නේ.