ශ්‍රී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර කි‍්‍රකට් තරඟය කඩුලු 10 කින් ජයගැනීමට නවසීලන්ත කී‍්‍රඩකයන් සමත් වුණා.
කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් පන්දුවාර 29 යි පන්දු දෙකක් අවසානයේදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 136 ක් පමණයි. දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 52 ක් රැස්කළා. ඒ ලෝක කුසලාන කි‍්‍රකට් තරඟයකදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිස තරඟය අවසන් වන තුරුම පිටියේ රැඳීසිටි දෙවන කී‍්‍රඩකයා ලෙස වාර්තා අතර එක්වෙමින්.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නවසීලන්ත කී‍්‍රඩකයන් පන්දුවාර 16 යි එක් පන්දුවක් අවසානයේදී කිසිවෙකු නොදැවී ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කළා. මාර්ටින් ගප්ටිල් ලකුණු 73 යි. පොලින් මුන්රෝ ලකුණු 58 ක් ලබාගත්තා. තරඟාවලියේ තවත් තරඟයක් පැවැත්වුණේ ඇෆ්ගනිස්ථානය සහ ඔස්ටේ්රලියාව අතර. තරඟය කඩුලු 7 කින් ජයගැනීමට ඔස්ටේ්රලියා කණ්ඩායම සමත්වුණා.