අභවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදුකෙරෙනවා.
දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති බවයි පවුලේ ඥාතින් ප්‍රකාශ කළේ. අවසන් කටයුතු පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරෙනවා. මියයන විට ඇයගේ වයස අවුරුදු 83 ක්. කෝපි කඩේ ටෙලි නාට්‍ය ආරම්භයේ සිට ඊට තම රංගන දායකත්වය ලබා දුන් චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රැසකට ද රංගනයෙන් දායකවුණා. ගැහැනු ළමයි චිත්‍රපටයේ සිදුකළ රංගනය වෙනුවෙන් ඇය ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබුවා. මෙරට පළමු ටෙලි නාට්‍යය වූ දිමුතු මුතු ටෙලි නාට්‍යයේ සිටම ඇය තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා. චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ස්වාධින රූපවාහිනී සේවයේ විධායක නිලධාරියෙකු සහ ප්‍රවීණ නිවේදකයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ද වන ප්‍රාන් වාකිෂ්ඨ මහතාගේ මෑණියන්.