fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවම මිළට විදුලිය මිලදී ගැනීමට රජයට හැකිවීම පිළිබඳ විපක්ෂය වික්ෂිප්ත වෙලා

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 17:43

අවම මිළට විදුලිය මිලදී ගැනීමට රජයට හැකිවීම පිළිබඳ විපක්ෂය වික්ෂිප්ත වෙලා

අවම මිළ ගණන් යටතේ හදිසි අවශ්‍යතා සදහා විදුලිය මිලදී ගැනීමට වත්මන් රජයට  හැකිවීම පිළිබඳ විපක්ෂය වික්ෂිප්ත වී සිටින බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකලා. ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ ඉදිවන මෙය මීටර තුන්සීයක් පමණ දිගින් යුතුව ඉදි කිරීමට නියමිතයි. ඒ සඳහා ඇස්තමේන්තු ගත කර ඇති මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 115ක්. වසර එකහමාරක කාලයක් තුලදී ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීම අරමුණයි. විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති රකිත ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 17:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්