ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා නිසැකයෙන්ම ජයග්රහණය කරන බව පාර්ලිමේන්තු මන්ත්රි එස් එම් මරික්කාර් මහතා පවසනවා. කොළොන්නාව ප්රදේශයේ මාර්ග 7ක සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි මන්ත්රීවරයා මේ බව කියා සිටියේ.
හදවත් යා කරන රන් මාවත් වැඩසටහන යටතේයි මෙම මාර්ග සංවර්ධනය කෙරෙන්නේ. රුපියල් ලක්ෂ 350ක වියදමින් කාපට් අතුරා මාර්ග සංවර්ධනය කිරිමට නියමිතයි.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=C0qSA7At7xk&feature=youtu.be”]
මේ අතර ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ ඇඹිලිපිටිය මඩුවන්වෙල හා යාය දෙක ප්රදේශවල ග්රාමීය මාර්ග සංවර්ධනය කිරීම ද ආරම්භ කෙරුණා. ඒ එක්සත් ජාතික පක්ෂ කොළොන්න ප්රධාන සංවිධායක පී අබේනායක මහතාගේ ප්රධානත්වයෙන්. තලකෑල්ල ප්රධාන මාර්ගය, පොකුණ මාර්ගය සහ යාය දෙක මාර්ගයයි මෙසේ සංවර්ධනය කෙරෙන්නේ. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ තිස්පහක්. ප්රදේශයේ ගොවි පවුල් දස දහසකට අධික පිරිසකට මෙමගින් සෙත සැලසෙනවා.