ඕනෑම ඡන්ද විමසීමකට මැතිවරණ කොමිසම සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්රිය මහතා පවසනවා. අදට යෙදී ඇති ඡන්ද හිමියන්ගේ දිනය වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ඕනෑම අයෙකුට ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචි විය හැකියි. ඊට අදාළ පෝරම එකතුකරමින් ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ උත්සවයක් මොරටුව උයන ප්රදේශයේ දී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. අවුරුදු 15 හා 18 යන වයස් කාණ්ඩයේ පසුවන්නන්ගේ නම් ඇතුළත් පරිපූර්ණ ලැයිස්තුවක් සැකසීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා මෙහිදී ප්රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=-JLFnLIMAMM&feature=youtu.be”]