fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 17:27

ස්වර්ණාභරණ තොගයක් කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධී ස්වර්ණාභරණ තොගයක් ගුවන් තොටුපොල පරිශ‍්‍රයෙන් පිටකිරිමට උත්සාහ කළ එහි සේවිකාවක් අත්අඩංගුවට ගත් බව රේගුව ප‍්‍රකාශ කළා.

55 හැවිරිදි ඇය ගුවන් තොටුපොල පිරිසිදු කරන්නියක් වන අතර, එම ප‍්‍රදේශයේම පදිංචිකාරිනියක්. එක්කෝටි පහලොස් දහසක් වටිනා ස්වර්ණාභරණ තොගය ගුවන් මගියෙකු ඇයට ලබාදී තිබෙනවා. ඇය පිරිසිදු කිරීමේ උපකරණ තබාඇති ට්‍රොලියෙහි සඟවා ඒවා ගුවන් තොටුපොලෙන් පිටතට රැගෙන යාමට උත්සාහ කළ බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පවසන්නේ.

මාල, වලලු, මුදු සහ කරාබු ඇතුලු කිලෝග‍්‍රෑම් දෙකකට වැඩි බරින් යුත් ස්වර්ණාභරණ එහිදී සොයාගැණුනා. සැකකාරිය මෙම ජාවාරම දිගුකාලයක සිට සිදුකරන්නට ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 17:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්