සෝනියා ගාන්ධි ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායකත්වයට
Related Articles
ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ඉන්දීය කොංග්රස් පක්ෂයේ නායකත්වය සඳහා සෝනියා ගාන්ධි තෝරා පත් කරගෙන තිබෙනවා.
නවදිල්ලි අගනුවර පැවති කොංග්රස් මණ්ඩලයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඇය තෝරා පත් කරගෙන ඇති බව සදහන්. ඉන්දීයාවේ හිටපු අග්‍රමාත්‍ය මන්මෝහන් සිං ඇයගේ නම යෝජනා කර තිබුණා. පසුගිය දා පැවැති ඉන්දියාවේ මහ මැතිවරණයේ දී දැවැන්ත පරාජයක් කොංග්රස් පක්ෂයට හිමිවීමත් සමග එම පක්ෂයේ නායකත්වය සමබන්ධයෙන් ගැටළුවක් මතුවුණා. රාහුල් ගාන්ධි කොංග්රස් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට යෝජනා කළ ද පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය එය ප්‍රතික්ෂේප කළා.