බ්‍රිතාන්‍යයේ මීළග අග්‍රාමාත්‍යවරයා වීමට සියලු සුදුසුකම් සපුරා ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ප්රබලයෙකු බන බෝරිස් ජොන්සන් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
බෝරිස් ජොන්සන් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලියේ ප්‍රධාන පුරෝගාමිකයෙකු වනවා. ඇමෙරිකා ජනාධිපති ඉදිරියේදී එක්සත් රාජධානියේ සංචාරයකට එක්වීමට ද නියමිතයි. ඊට සමගාමීව පැවති මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව කියා සිටියේ. ලබන හත්වනදා තෙරේසා මේ සිය ධුරයෙන් ඉවත් වීමෙන් පසු කන්සවේටිව් පක්ෂයේ නායකත්වයට තෝරා ගනු ලබන පුද්ගලයා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇති.