fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චිත්‍රා වාකිෂ්ඨ මහත්මියගේ අවසන් කටයුතු ලබන ඉරිදා

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 13:04

චිත්‍රා වාකිෂ්ඨ මහත්මියගේ අවසන් කටයුතු ලබන ඉරිදා

වේදිකාව, සිනමාව සහ ටෙලි නාට්‍ය ඔස්සේ සිය රංගන ප්‍රතිභාව විදහා දක්වමින් රසික සිත් දිනූ සම්මාන ලාභී ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වුණා.

ඒ මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන ඉරිදා සවස 04ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.  දේහය අද පෙරවරු 08 සිට කොළඹ ජයරත්න මල්ශාලවේ තැන්පත් කර තැබෙනවා. සිරිසේන විමලවීරයන්ගේ පොඩි පුතා චිත්‍රපටයෙන් කලාවට පිවිසි චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ගැහැණු ළමයි, රන් තෝඩි, පාලම යට, ගොලු හදවත, පරසතුමල්, යුගාන්තය ආදී චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වුණා. ගැහැණු ළමයි චිත්‍රපටය සදහා ඇය ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය වූ දිමුතු මුතු සිට ඇය දායක වූ ටෙලිනාට්‍ය සංඛ්‍යාව ඉමහත්. විශේෂයෙන් ස්වාධීන රූපවාහිනී කෝපිකඩේ ටෙලිනාට්‍යය ආරම්භයේ සිටම ඊට එක් වූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය රෝගාතුර වන තෙක්ම සිය රංගන කටයුතු අත්හලේ නැහැ. අභාවප්‍රාප්ත වනවිට 83 වන වියෙහි පසුවූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ස්වාධීන රූපවාහිනියේ විධායක නිලධාරියෙකු මෙන්ම නිවේදකයෙකු හා රංගන ශිල්පියෙකු වන ප්‍රාන් වාකිෂ්ඨ මහතාගේ මෑණියන්ද වනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2019 13:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්