මතින් නිදහස් රටක් බිහි කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන සුජාත දරුවෝ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ පුහුණු ලාභීන් සදහා සහතිකපත් පිරිනැමුණා. ඒ ගිරාදුරුකෝට්ටේ මහවැලි අධිකාරි සංවර්ධන මධ්‍යස්ථානයේ දීයි.
ගිරාදුරුකෝට්ටේ පැවැත්වුණේ මෙම වසරේ 4 වන වැඩසටහනයි. ජනාධිපති කාර්ය සාධක බලකාය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයයි මේ සදහා සම්පත් දායකත්වය ලබාදෙන්නේ. සුජාත දරුවෝ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද ග්‍රාමීය ස්වෙච්ඡා නායක නායිකා පුහුණුව නිමකළ තරුණ තරුණියන් 45 දෙනෙකුට මෙහිදී සහතික පිරිනැමුණා.