පසුගිය රජය සමයේ දේශපාලකයින් හා හිතවතුන් එක්ව ධීවර සංස්ථාවට රුපියල් කෝටි 70 ක පාඩුවක් සිදුකළ බව රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පවසනවා. තංගල්ල ධීවර වරායේ පැවති උත්සවයකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.
මත්ස්‍ය අස්වැන්න අතරමැදියන්ගෙන් තොරව ධීවර සංස්ථාවට අලෙවි කිරීමට අවස්ථාව සලසාදීමේ මධ්‍යගත මත්ස්‍ය මිලදී ගැනීමේ ක්‍රියාවලිය රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල ධීවර වරායේදී ආරම්භ කෙරුණා. ධීවරයින්ට මත්ස්‍ය අස්වැන්න සදහා ඉහළ මිලක් ලබාදීමත්, පාරිභෝගිකයින්ට තත්ත්වයෙන් උසස් මත්ස්‍යයින් මිලදී ගැනීමේ හැකියාව ලබා දීමත් මෙහි අරමුණයි.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=cFl4Cp7LY20&feature=youtu.be”]