fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

194 වන උදා ගම්මානය ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor මැයි 31, 2019 18:59

194 වන උදා ගම්මානය ජනතා අයිතියට

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය රජකරවන යුගයක් ඉදිරියේ දී මෙරට ඇති කිරීමට කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 194 වන උදා ගම්මානය ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

කැබිතිගොල්ලෑව, වත්තේවැව ඉදිකළ ඩී එම් අමරතුංග ගම උදාගම්මානය ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. නිවාස 25 කින් සමන්විත එම ගම්මානය සියලු යටිතල පහසුකම්වලින් සමන්විතයි. ගම්මානය ජන අයිතියට පත් කිරීමට සමගාමීව ඉඩම් හිමිකම් ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ද සංවිධානකර තිබුණා. අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor මැයි 31, 2019 18:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්