ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරක්ෂක නිලධාරීන් පිරිසකට පහර දුන් පුද්ගලයන් තුන්දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සංස්ථාවේ දෙමටගොඩ ප්රධාන කාර්යාලයේ පිවිසුම ඉදිරිපිට ඊයේ (30) රාත්රීයේ සිදු වූ රිය අනතුරකින් පසු ඒ පිළිබද සොයා බැලීමට ගිය නිලධාරීන් පිරිසකටයි මෙසේ පහර දී තිබෙන්නේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලොහාන් රත්වත්තේගේ සොහොයුරු චානක රත්වත්තේ ද මෙම පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=MipzhG7OW_k&feature=youtu.be”]