ජාතික තව්හිද් ජමාත් නායක මොහොමඩ් සහරාන්ගේ අම්පාර දිස්ත්‍රික් නායකයා වන කල්මුනේ සියාම් සඟවා තිබූ රුපියල් ලක්ෂ 50 ක මුදලක් පොලිසිය සොයා ගත්තා. රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළේ.
මෙම රුපියල් ලක්ෂ 50 න් ලක්ෂ 15 ක් සොයා ගත්තේ මීට දින දෙකකට පෙරයි. ඉතිරි ලක්ෂ 35 ක මුදල ඊයේ (30) සොයා ගැනුණා. ඒ කල්මුනේ සියාම්ගේ මාමාගේ නිවසේ තිබියදීයි. එම නිවසේ අල්මාරියක කලිසම් සාක්කුවල සහ සීඩී තැටි ක්‍රියාත්මක කරන යන්ත්‍රයක් තුළ අදාළ මුදල් සඟවා තිබුණා. එහි තිබී රන් භාණ්ඩ කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.
කල්මුනේ සියාම් අට්ටාලච්චේන කලපුවක සඟවා තිබූ ලැප්ටොප් පරිගණකයක්ද සොයා ගැනුණා. සහරාන්ගේ සොහොයුරා බෝම්බය පුපුරුවා ගැනීමට පෙර මෙම මුදල් සහ ලැප්ටොප් පරිගණකය තමාට ලබා දුන් බවයි ඔහු පවසා ඇත්තේ. මෙය සහරාන් භාවිත කළ පරිගණකය බවට විශ්වාස කෙරෙනවා. එහි ඇති දත්ත විමර්ශනයට කටයුතු යොදා තිබෙනවා.
මේ අතර සහරාන් ඇතුළු ත්‍රස්ත කල්ලියට ආරක්ෂිත නිවාස සපයා දුන්නේ කල්මුණේ සියාම් නමැත්තා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පැවති මාධ්‍ය හමුකදී කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=dttyjEnJboY&feature=youtu.be”]