මුළු රටම ‘රීඩිසයින්’ කරන්න වෙලා
Related Articles
ඔසු සල්වල සේවයේ නියුතු පළපුරුදු සේවක සේවිකාවන් සදහා පිළිගත් සහතිකයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණා. ඔසු සල් සහායකයින්ගේ සංගමයේ පුහුණුව ලබා නයිටා ආයතනය මගින් පවත්වන පරීක්ෂණයෙන් සමත් වූ අය සදහා NVQ4 මට්ටමේ සහතික ලබාදීම මේ අනුව සිදු වුණා.
පළමු අදියර යටතේ ඖෂධවේදීන් 154 දෙනෙකුට සහතික පත් ලබාදීම නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඖෂධ තාක්ෂණවේදියාගේ වෘත්තීය ගරුත්වය ඉහළ නැංවීමට පියවර රැසක් ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
උත්සවය පැවැත්වුණේ මහරගම තරුණ සේවා ශ්‍රවනාගාරයේදී.