fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවට ඕනෑම සහායක් දෙන බවට ඉන්දීය අගමැතිගෙන් සහතිකයක්

ITN News Editor
By ITN News Editor මැයි 31, 2019 17:37

ශ්‍රී ලංකාවට ඕනෑම සහායක් දෙන බවට ඉන්දීය අගමැතිගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට ඉදිරියේදී ද සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පල කළේ අද (31) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදීයී.

දෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යරයා ලෙස දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා ඊට එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) හයිද්‍රාබාද්හිදී මුණගැසී සාකච්ඡා කළා. හයිද්‍රාබාද් නිලනිවස වෙත ගිය ජනාධිපතිතුමා ඉතා මිත්‍රශීලී සහ උණුසුම් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිළිගත්තා. සුහද කතාබහකින් අනතුරුව නායක දෙපල ද්වීපාර්ශවික සාකච්ඡාවලට එක් වූ අතර තම ආරාධනය පරිදි දිවුරුම්දීමේ උළෙලට එක්වීම පිළිබදව ජනාධිපතිතුමා වෙත ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය සතුට පල කළා.

පසුගියදා ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ ඛේදවාචකය කණගාටුවෙන් සිහිපත් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සාමය හා සංවර්ධනයට අදාළව දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිලිබද සාකච්ඡා කළා. ත්‍රස්තවාදය පිටු දැකීම හා කලාපයේ සාමය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමටද මෙහිදී දෙරටේ නායකයින් ප්‍රතිඥා දුන්නා. නරේන්ද්‍ර මෝදි මහතා මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම පිළිබද ජනාධිපතිතුමා සිය සතුට පල කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 31, 2019 17:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්