කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරීම තුළින් ආරක්ෂාවට තර්ජනයක් සිදු වී නැහැ
Related Articles
අප්‍රේල් 21 දින ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරීම පාර්ලිමේන්තුව විසින් ගත් තීරණයක් බවත් ඒ අනුව කමිටුව එලෙස කිරීමට තීරණය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ, අද ( 31 ) කොළඹ අරලියගහ මන්දිරයේ දී වත්මන් දේශපාලන තත්ත්වය පැහැදිළි කරදීම සඳහා වූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙය පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී සිදුවීමක් බවත් රටේ අනාගතය ගැන තීන්දු තීරණ ගන්නා මෙවැනි කමිටු රැස්වීම් බොහෝ ප්‍රජාත්‍රන්තවාදී දියුණු රටවල පාර්ලිමේන්තුව මාධ්‍ය සඳහා විවෘත කර ඇති බව ද ඒ මහතා නිදසුන් දක්වමින් සඳහන් කළ අතර මාධ්‍යයට විවෘත කිරීම තුළින් ආරක්ෂාවට කිසිදු තර්ජනයක් සිදු වී නොමැති බව ද කීය. මෙම අවස්ථාව මාධ්‍යයට විවෘත කිරීමට පාර්ලිමේන්තුව ගත් තීරණයක් අනුව කමිටුව එලෙස කිරීමට තීරණය කළ බවත් එය හොඳ අවස්ථාවක් සහ අභියෝගයක් වූ බවත් මන්ත්‍රීවරයා පැවසීය
මෙම අවස්ථාවට කාරක සභාවේ සමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතාද එක්ව සිටියේ ය