fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කුවේටි රැකියා වලට ගොස් පීඩාවට ලක්වූ ශ‍්‍රමිකයන් 35ක් යළි ගෙන්වා ගැනීමට පියවර

ITN News Editor
By ITN News Editor මැයි 31, 2019 14:52

කුවේටි රැකියා වලට ගොස් පීඩාවට ලක්වූ ශ‍්‍රමිකයන් 35ක් යළි ගෙන්වා ගැනීමට පියවර

කුවේට් රාජ්‍යයේ රියදුරු රැකියා සඳහා ගොස් හිංසනයට ලක්වූ මෙරට ශ‍්‍රමිකයන් 35 දෙනෙකු යළි ගෙන්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

සේවා ගිවිසුමට අනුව වැටුප් නොලැබීම සහ වරප‍්‍රසාද නොලැබෙන බවට සදහන් කරමින් ඔවුන් තානාපති කාර්යාලයට පැමිණිලි කර ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප‍්‍රකාශ කළේ.ඒ සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා ස්කයිප් තාක්ෂණය ඔස්සේ කුවේට් තානාපති කාර්යාල නිලධාරින්ගෙන් තොරතුරු ලබාගත්තා.

ශ‍්‍රමිකයන් හතර දෙනෙකු මේවන විටත් යලි ගෙන්වා ගෙන තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිසි පරිදි ලියාපදිංචිවීම හේතුවෙන් ඔවුන්ට සහන සැලසිම පහසු වු බවද කාර්යාංශය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor මැයි 31, 2019 14:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්