පසුගිය සමයේ මෙරටට පැමිණි පාකිස්තාන සරණාගතයින් 75 දෙනෙකු වව්නියාව හමුදා කදවුරකට දැඩි ආරක්ෂාව මධ්‍යයේ අද රැගෙන ගියා.
මෙම සරණාගත පිරිස මීට පෙර රැදී සිටියේ මීගමුව පොලීසියේ රැකවරණය යටතේයි. ඔවුන් වසර කිහිපයක සිට වෙනත් රටවලට යාමේ අරමුණෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දැනුවත්වීම මත මීගමුව ප්‍රදේශයේ ජීවත්වුණා.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව තමන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබදව තර්ජනයක් ඇතිවී තිබෙන බවට මෙම පිරිස පොලීසියට පැමිණිලිකර තිබුණා. ඒ අනුව මෙම සරණාගතයින් පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් අම්බලන්තොට ප්‍රදේශයේ ප්‍රජා මධ්‍යස්ථානයක නතර කිරීමට පොලීසිය කටයුතු කළා.
අනතුරුව අම්බලන්තොට ප්‍රදේශවාසීන් මොවුන්ගෙන් ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට පවසමින් විරෝධතාවක නිරත වුණා. එම සිදුවීමෙන් අනතුරුවයි මෙම පාකිස්තාන සරණාගතයින් පිරිස වව්නියාව ප්‍රදේශයේ පිහිටි සුබසාධක කදවුරක නතර කිරීමට පියවර ගැණුනේ.