පවුල් ලක්ෂ හයකට සමෘද්ධිය ලබාදීමේ වැඩසටහනේ තවත් අදියර දෙකක් අද කි‍්‍රයාවට නැංවෙනවා. මහනුවර ගැටඹේ කී‍්‍රඩාංගනයේදී පෙරවරු 10.30 ට එක් අදියරක් පැවැත්වීමට නියමිතයි.
අනුරාධපුර කැකිරාව මහජන කී‍්‍රඩාංගනයේදී පස්වරු දෙකට අනෙක් උත්සවය පැවැත්වෙන බවයි සමාජ සවිබල ගැන්වීමේ සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ. මෙවර අයවැය යෝජනා අනුව දිවයිනපුරා තෝරාගත් පවුල් හය ලක්ෂයක් සඳහා අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීමට රජය වැය කරන මුදල රුපියල් මිලියන දස දහසක්.
මේ අතර සමෘද්ධි සහනාධාර හිමිකම් ලැබීම සඳහා සුදුසු පුද්ගලයන්ට යළි ඒ සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ අනුව අයදුම්පත් හා අභියාචනා භාරගන්නා බවයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ. සහනාධාර ඉල්ලුම් කරන පවුල ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ හැකියාවක් සහිත වියයුතු අතර එම වැඩසටහන සඳහා කි‍්‍රයාකාරීව දායකවීමේ හැකියාව ද පැවැතිය යුතු බවයි දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ. සමෘද්ධි දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ආකෘතියට අනුව සකස් කර ගත් අයදුම්පත්‍රය ලබන මස 30 වෙනිදාට පෙර යොමු කරන ලෙස ද දැනුම්දී තිබෙනවා.