ඥානසාර හිමි ඇතුලු 7 දෙනෙකුට එරෙහි නඩු දෙක කැඳවීමට දින නියම වෙයි
Related Articles
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ ඇතුලු 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩු දෙක නීතිපති උපදෙස් සඳහා ලබන 25 වනදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළා.
ජාතික බලසේනා සංවිධානය පවත්වමින් තිබූ මාධ්‍ය සාකච්ඡාවකට බලපෑම් කිරීම, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් අසත්‍ය ප්‍රකාශ මාධ්‍යයට පළ කිරීම සම්බන්ධයෙන් වන නඩු දෙකක් විභාගයට ගත් අවස්ථාවේයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා සිටිය ද කොළඹ මහාධීකරණයේ ලබාදීමට නියමිත නඩු තීන්දුවක් සදහා ගොස් ඇති බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි බව දැනුම්දී තිබුණා.