fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව කුඩාම බිළිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්

ITN News Editor
By ITN News Editor මැයි 30, 2019 14:58

ලොව කුඩාම බිළිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්

ලොව කුඩාම බිළිඳිය ලෙස පසුගිය දෙසැම්බර් මාසයේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ උපත ලැබූ සේබී නම් දැරිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව එරට රෝහල් වාර්තා සඳහන් කරනවා.

මෙම දැරිය ඇපල් ගෙඩියක තරම් බරකින් යුක්ත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඇය උපදින අවස්ථාවේ බර ග්‍රෑම් 245 ක්. බිළිඳියගේ ජීවිතය ඉතා අවදානම් තත්ත්වයේ තිබෙන බව වෛද්‍යවරුන් පවසා තිබුණා. කැලිෆෝනියා ප්‍රාන්තයේ ෂාප් මේරි බර්ච් රෝහලේ ඇය මාස 5 කට අධික කාලයක් ප්‍රතිකාර ලැබුවා.  මේ වන විට බිළිඳියගේ බර කිලෝග්‍රෑම් 2 යි දශම 2 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී තිබෙනවා. ඒ හේතුවෙන් ඇය මේ වන විට රෝහලෙන් පිටත් කර ඇති බවයි වාර්තා වන්නේ. සේබී යන නම ඇයට යොදා ඇත්තේ රෝහල් කාර්ය මණ්ඩලයයි.

ITN News Editor
By ITN News Editor මැයි 30, 2019 14:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්