රත්‍රං මාල කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ ඇතුලු 13 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීන්දුව අද යළි තහවුරු කෙරුණා.
2008 වසරේ තලාහේන ප්‍රදේශයේ පල්ලියකට පහර දී එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ රත්‍රං මාල දෙකක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ ඇතුලු 13 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා. ඊට අදාළ නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව ස්වාමීන්වහන්සේ ඇතුලු පිරිස අධිචෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට 2014 වසරේ අප්‍රේල් මස 2 වනදා මහාධිකරණය නියෝග කළා. එම තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා අභියාචනාධිකරණයේ ගොනු කළ අභියාචනා පෙත්සම මීට පෙර ඉල්ලා අස්කර ගැනුණා. අභියාචනා පෙත්සම නිශ්ප්‍රභ කිරීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ. ඒ අනුව මෙම නඩුවෙන් විත්තිකරුවන් මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද තීන්දු කළා.