බිංගිරිය නව අපනයන සැකසුම් කලාපයේ පළතුරු අපනයන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබුණා.
අදාළ ගිවිසුමට අත්සන් තැබීම නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල යාපා හා වොපොන් සමාගමේ අධ්යක්ෂ හෑන් ඩික්වින් යන මහත්වරුන් ඊට අත්සන් තැබුවා. මෙමගින් ඇමෙරිකා ඩොලර් මිලියන 1.4ක විදේශ ආයෝජන රටට ලැබෙන බවයි නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.
සෘජු රැකියා අවස්ථා 160 ක් පමණ මේ තුළින් බිහිවන බවට අපේක්ෂා කෙරෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගා කෙරෙන පළතුරු සදහා ඉහළ මිලක් ද මේ තුළින් හිමිවනවා. එමෙන්ම නිෂ්පාදන අපනයන වෙළෙදපොළට එකතු වීම තුළින් විශාල විදේශ විනිමයක් එම ජනතාවට ලැබෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා කියාසිටියේ.