කේරල ගංජා සමග පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප්රකාශ කලා. ඒ බදගිරිය ප්රදේශයේ සිදුකළ වැටලීමකදී.
ඔවුන් ලග තිබී ගංජා ග්රෑම් 500 ක් සොයාගැනීමට හැකිව තිබෙනවා. වැටලීම් සදහා විශේෂ කාර්ය බලකායේ සහායද හිමිවුණා. සැකකරුවන් සහ ගංජා තොගය ඉදිරි පරික්ෂණ සදහා භාරදී තිබෙන්නේ හම්බන්තොට පොලිසියට.