දෙහිවල මිහිදු මාවතේ ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව පනවා ඇති නඩුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනුණා.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයයි නඩුව පවරා තිබෙන්නේ. විමර්ශන අවසන් කර නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව පොලිස් මූල්‍ය අපරාෂධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා. චෝදනා ගොණු කිරීමට නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි එම කොට්ඨාසය වැඩිදුරටත් කියා සිටියේ. කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා නොවැම්බර් 27 වනදා නඩුව යළි කැඳවීමට නියම කළා.