fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විද්‍යා පීඨවලට සිසුන් බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මස තුන්වන සතියේ සිට

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 16:12

විද්‍යා පීඨවලට සිසුන් බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මස තුන්වන සතියේ සිට

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මස තුන්වන සතියේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

2016 හා 2017 උසස් පෙළ ප‍්‍රතිඑල මත 2018 වර්ෂය වෙනුවෙන් කණ්ඩායම් දෙකක් එකවර බදවා ගැනීම මෙවර විශේෂත්වයක්. 2012 , 2013 වසරවල විද්‍යා පීට බදවා ගැනීම් ප‍්‍රමාදවීම නිසා මතුවූ ගැටලුවලට විසදුමක් ලෙසයි කණ්ඩායම් දෙකක් බදවාගැනීමට තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව 8000 ක් දිවයින පුරා පිහිටි විද්‍යා පීඨ 19 කට බදවා ගැනීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 16:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්