ලොව පුරා දරුවන්ගෙන් හතරෙන් එකක් තවමත් ආරක්ෂිත සහ සෞඛ්යාරක්ෂිත බවින් අඩු කලාපවල ජීවත් වන බව නවතම වාර්තාවකින් හෙලි වී තිබෙනවා.
සේව් ද චිල්ඩ්රන් යන සංවිධානයයි මෙම නවතම වාර්ෂික වාර්තාව එළිදක්වා තිබෙන ග්ලෝබල් චයිල්ඩ් හුඩ් වාර්තාවට අනුවයි මේ බව හෙලිව තිබෙන්නේ. පසුගිය දශක දෙකක කාලයට වඩා මේ වන විට දරුවන් මිලියන 280 ක් සෞඛ්යාරක්ෂිත, අධ්‍යාපනික සහ ආරක්ෂිතව හැඩී වැඩී ඇති බවද එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. රටවල් 176 ක දරුවන්ගේ සනීපාරක්ෂාව අධ්‍යාපනය පෝෂණය සහ ආරක්ෂාව යන කරුණු මූලික කරගනිමින් මෙම වාර්තාව සකසා තිබෙනවා. එමෙන්ම යුද ගැටුම්, ළමා විවාහ, අධ්‍යාපනය අහිමිවීම ඇතුළු කරුණු රැසක් ද මෙහිදී සොයාබලා තිබෙනවා.
2000 වසරේ දී මිලියන 970 ක දරුවන් පිරිසකට තම ලමා කාලය අහිමි වී තිබෙනවා. නමුත් මෙම වසරේදී එය මිලියන 690 කින් අඩු වී ඇති බවයි එම වාර්තාවේ සදහන් වන්නේ. මේ අතර දරුවෙකුට ජීවත්වීමට සුදුසු පරිසරයක් ඇති රටවල් පහ ලෙස සිංගප්පූරුව, ස්වීඩනය, ෆින්ලන්තය, නෝර්වේ සහ ස්ලෝවේනියාව නම්කර තිබෙනවා. දරුවකුට ජීවත්වීමට සුදුසු නැති රටවල් ලෙස බුර්කිනා ෆාසෝ රාජ්‍යය, කොංගෝ රාජ්‍ය, නයිජීරියාව, සෝමාලියාව යන රටවල් ඉදිරියෙන් නම් කර තිබෙනවා.