ඉන්දියාව ඉරානයෙන් බොරතෙල් ආනයනය සති කිහිපයකට පෙර නවතා දැමීමෙන් පසු නැවත බොරතෙල් ආනයනය කිරීමට ඉන්දියාව අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමෙරිකාව ඉන්දියාව ඇතුළු රටවල් 08 කට ඉරානයෙන් බොරතෙල් ආනයනය කිරීමට ලබා දුන් සහන කාලය පසුගිය දෙවනදායින් අවසන් වුණා. ඉන් පසුව ඉරානයෙන් බොරතෙල් ආනයනය නතර කිරීමට ඉන්දියාවට සිදු වුණා. ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉරානයෙන් බොරතෙල් ආනයනය කිරීම පිලිබඳ ඉදිරියේදී තීරණයට එළෙඹෙනු ඇති බවයි. පසුගියදා ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් ඉන්දියාවේ කළ සංචාරයේදී ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා සුවරාජ් හමු වුණා. එහිදී සඳහන් කළේ නව රජය පිහිටුවීමෙන් පසු ඉරානයෙන් බොරතෙල් ආනයනය කිරීම පිළිබඳ ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.