fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තයේ ගුරුවරුන් පනස් දහසකට අධික පිරිසක් විරෝධතාවක

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 13:32

නවසීලන්තයේ ගුරුවරුන් පනස් දහසකට අධික පිරිසක් විරෝධතාවක

නවසීලන්තයේ ගුරුවරුන් පනස් දහසකට අධික පිරිසක් විරෝධතාවකට එක්ව සිටිනවා. ඒ වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

නවසීලන්ත ඉතිහාසයේ විශාලතම අධ්‍යාපනික වර්ජනය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. වැටුප් වැඩි කරන ලෙස හා පැය ගණන අඩු කරන ලෙස ඉල්ලමිනුයි ගුරුවරුන් විරෝධතාවයේ යෙදී සිටින්නේ. මේ සදහා රට පුරා ප්‍රාථමික සහ ද්විතීක පාසල්වල ගුරුවරුන් නවසීලන්තයේ නගර කිහිපයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් රටපුරා පාසල් කිහිපයක් ද වසා දමා ඇති බව සදහන්. නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන්ගේ රජය ඉදිරිපත් කිරීමට නියමිත අය වැය යෝජනාවේ ගුරුවරුන් පිළිබද කිසිදු තීරණයක් ගෙන නොමැති බවටද ඔවුන් චෝදනා කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 13:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්