fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාත්තන්ඩිය සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 31 දෙනෙකු ඇපමත මුදා හැරේ  

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 12:53

නාත්තන්ඩිය සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 31 දෙනෙකු ඇපමත මුදා හැරේ  

නාත්තන්ඩිය, කොට්ටරාමුල්ල ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 31 දෙනෙකු ඇපමත මුදාහැරුණා.

සැකකරුවන් මාරවිල දිසා විනිසුරු හා ප්‍රධාන මහේස්ත්‍රාත් සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙසේ ඇප මත මුදාහැරුණේ. පසුගිය 13 වනදා කොට්ටරාමුල්ල ප්‍ර දේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයේදී එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබුවා. එම සිද්ධිය සම්බන්ධයෙනුයි මෙම සැකකරුවන් 31 දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබුණේ. ඒ අනුව එක් අයෙකුට රුපියල් පනස්දහස බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්