කොළඹ මහාධිකරණ සංකීර්ණයට ඇතුළුවන අවස්ථාවේ පරීක්ෂාවට ලක්කිරීමේ දී පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කර ඇයට තුවාල සිදුකිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නීතීඥවරිය ඇපමත මුදාහැරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.
ප්‍රේමනී පොතුපිටිය නමැති නීතීඥවරියටයි මෙලෙස ඇප නියම කෙරුණේ. ඒ රුපියල් ලක්ෂයක ශරීර ඇප මතයි. මෙම සිද්ධිය සුලු තුවාලවීමක් බැවින් නඩුව සමතයකට පත් කිරීමට කැමති බව විත්තියේ නීතීඥවරුන් අධිකරණයට දැනුම් දුන්නා. කෙසේ වෙතත් රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම යටතේ චෝදනා ඉදිරිපත් කර ඇති බැවින් නඩුව සමතයකට පත් කළ නොහැකි බවයි මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළේ. රටේ පවතින තත්ත්වය මත සියලු දෙනාගේ ආරක්ෂාව සදහා පුද්ගලයින් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියට සහාය දැක්වීම සියලු දෙනාගේ වගකීම බවයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් අදාළ නීතීඥවරිය අධිකරණයට ඇතුළුවී සුලු මොහොතකට පිටතට ගොස් යළි අධිකරණයට ඇතුළුවීමේදී මෙම සිද්ධිය ඇතිවූ බව විත්තියේ නීතීඥවරුන් දැනුම් දුන්නා.