fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශය සමග පැවති දෙවන පුහුණු තරගයෙන් ඉන්දීය කණ්ඩායමට පහසු ජයක්

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 12:13

බංග්ලාදේශය සමග පැවති දෙවන පුහුණු තරගයෙන් ඉන්දීය කණ්ඩායමට පහසු ජයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන පුහුණු තරගයෙන් ලකුණු 95 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

එංගලන්තයේ කාඩිෆ් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන් මෙල්ල කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන්ට හැකි වූයේ නැහැ. ලෝකේෂ් රාහුල් ලකුණු 108 ක් හා මහේන්ද්‍ර සිංද්‍රෝනි වේගවත් ලකුණු 113 ක් ලබා ගත්තා. මේ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු හතක් පමණක් දැවී ලකුණු 359 ක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් ලින්ටන් දාස් ලකුණු 73 ක් ලබා ගත්තා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 90 යි. අනෙක් කිසිදු පිතිකරුවෙකුට සාර්ථකවීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. කුල්දිප් යාදෙව් හා යුෂ්වෙන්ද්‍ර චාහල් කඩුලු 3 බැගින් දවා ගත්තා. මේ අනුව පන්දුවාර 49 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී බංග්ලාදේශ කණ්ඩායමට ලබාගත හැකි වුණේ ලකුණු 264 ක් පමණයි.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 12:13

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්