දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි ස්වේච්ඡා ජනතා සංවිධානයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.
ගම රැකුම ලෙසයි එය නම්කර තිබෙන්නේ. ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙළට සැම පුරවැසියෙකුගේම දායකත්වය ලබාගැනීම එහි අරමුණයි. පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් බලපෑමට ලක්වී ඇති සාමාන්‍ය ජන ජිවිතය හා ආර්ථික තත්වය යළි යථාතත්වයට පත්කරමින් සුරක්ෂිත භාවය තහවුරු කිරීමට ගම රැකුම සංවිධානය ඉදිරියේදී කටයුතු කරනු ලබනවා.
එම සංවිධානය පිහිටුවීමටත්, ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීමටත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවු බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.