ඇමෙරිකාවේ , ඔහියෝ ප්රාන්ථය ඇතුළු ප්‍රදේශ රැසකට සුළි කුණාටුවකින් බලපෑම් එල්ලවී තිබෙනවා.
ඔහියෝ ප්‍රාන්තයේ නිවසක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. ප්‍රාන්ත කිහිපයකටම බලපෑම් එල්ල වූ මෙම සුළි කුණාටුවෙන් දේපල රැසකට ද හානි සිදුවුණා. අසූදහසකට අධික පිරිසකට ඉන් බලපෑම් එල්ලවී තිබෙනවා. සුළි කුණාටුව බලපෑ ප්‍රදේශවල ද විදුලිය බිදවැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම සුළි කුණාටුව නිව්යෝක් නගරයට ඇතුළුවනු ඇති බවටයි ඇමෙරිකා කාලගුණ අංශ සදහන් කරන්නේ.