නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා පත්කර තිබෙනවා.
නව ගුවන් හමුදාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. ඒ ජනාධිපති නිල නිවසේදීයි. ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කළ එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුවයි සුමංගල ඩයස් මහතා ගුවන් හමුදාපතිවරයා ලෙස පත්කෙරුණේ.
ඔහු මෙරට 17 වන ගුවන් හමුදාපතිවරයා වනවා. සුමංගල ඩයස් මහතා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙසයි මීට පෙර කටයුතුකරමින් සිටියේ. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකු වන ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 13 වන ශිෂ්‍ය භට බලකාය නියෝජනය කරමින් 1984 වසරේ දෙසැම්බර් 13 වනදා ගුවන් හමුදාවට එක්වුණා. තනතුරු ගණනාවක් හෙබවූ ඔහු 2013 වසරේ ගුවන් මෙහෙයුම් නියෝජ්‍ය අධ්යක්ෂවරයා ලෙසද 2016 වසරේ ඔක්තෝබර් පළමුවනදා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධාන තනතුරට ද පත්වුණා.