fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැපුවා නිව්ගීනියා රාජ්‍යයේ අගමැති ඉල්ලා අස්වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 11:31

පැපුවා නිව්ගීනියා රාජ්‍යයේ අගමැති ඉල්ලා අස්වෙයි

පැපුවා නිව්ගීනියා රාජ්‍යයේ අග්‍රාමාත්‍ය පීටර් ඕනෙල් ඉල්ලා අස් වී තිබෙනවා.

මාස ගණනක් පුරා පැවති දේශපාලනික අර්බුද හේතුවෙන් මෙලෙස ඉවත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහු 2011 වසරේදී එරට අග්‍රාමාත්‍ය ධූරය සදහා තේරී පත් වුණා. විවිධ දූෂණ සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් විවේචනයට ද ලක් වුණා. ඔහුගේ ඉවත්වීමත් සමඟ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සදහා ඉදිරි දිනයකදී දිනයක් ලබා දෙන බවටද එරට මැතිවරණ කොමිසම සදහන් කරනවා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 29, 2019 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්