එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබාදෙන මූල්‍ය පහසුකම් පුළුල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සදහා වන යෝජනා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.
රජයේ ප්රමුඛ වැඩසටහනක් වන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට , තරුණ තරුණියන්ට , කාන්තා ව්‍යවසායකයින්ට , ස්වයං රැකියා ලාභීන්ට , උපාධිධාරීන්ට සහ විදේශ රැකියා නියුක්තිකයන්ට සහන ණය පිරිනැමෙනවා. ඒ ණය යෝජනා ක්‍රම 17 ක් යටතේයි. මේ වනවිට රුපියල් බිලියන 81 ක ණය මුදලක් ප්‍රතිලාභීන් වෙත ලබාදී තිබෙනවා. මෙම ණය තවදුරටත් පුළුල් කිරීම රජයේ අරමුණයි.